විදුලි කප්පාදුව නතර වෙයි..! අද සිට අඛණ්ඩව විදුලිය…?

March 5, 2022 at 9:26 am | by emanisa.lk

නිසි පරිදි ඉන්ධන තොග ලැබුණහොත් අද (05) සිට විදුලි කප්පාදුවේ වෙනසක් සිදු කිරීමට ඉඩ ඇති බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය.

මීට දින කිහිපයකට පෙර රජය විදුලි කප්පාදුව අඩු කිරීමට පොරොන්දු වූ අතර ඒ අනුව පවතින ඉන්ධන තොග මත පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාල සීමාව අඩු කිරීමට කටයුතු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පවසයි.

මේ වන තෙක් අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු වූ බවක් වාර්තා වන්නේ ද නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *