තමන් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක පවසයි.
එස්.බී. දිසානායකට ඇමැති ධූරයක් ලැබීම පිළිබඳ තමා තරම් කිසිවකු සතුටු නොවන බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයට කැබිනට් ඇමැති ධූර දෙකක් ඇති නිසා විශාල වැඩ කොටසක් කළ හැකි බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.
සී.බී. රත්නායක පවසන්නේ, බොරු ප්‍රචාර, කටකතා සහ කෙටවිලි ක්‍රියාත්මක වුව ද ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කර ගැනීමට තමා සටන් කරන බවත් ය.
මේ අතර වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි දිවුරුම් දී ඇති බවත් ඇමැති සී.බී. රත්නායකට රාජ්‍ය අමාත්‍යවරයා යටතේ පැවැති සියලු ආයතන පවරා දී ඇති බවත් දැනගන්නට තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමැතිවරයා මේ බව පවසා ඇත.