ඩීසල් මෙට්‍රික් ටොන් 8000 ක් විදුලි බල මණ්ඩලයට ලබා දෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ඩොලර් ගෙවා ඊයේ (2) නිදහස් කරගත් ඩීසල් මෙට්‍රික් ටොන් 37,300 ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑම ඊයේ රාත්‍රී ආරම්භ කර තිබේ.
එම ඩීසල් තොගයෙන් විදුලි බලය ජනනය සඳහා එම මෙට්‍රික් ටොන් 8000 ලබා දෙන අතර එළඹෙන 5 වෙනිදා සිට අඛණ්ඩ විදුලි උත්පාදනය සඳහා පියවර ගෙන ඇතැයි රජය සඳහන් කරයි.