රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සමාන කළ බව දන්නේ නම් පුටින් යුක්රේනයට පෙර පහර දෙන්නේ ලංකාවට බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරයි.
ආණ්ඩුවට අද ආර්ථිකය කළමනාකරණය කරගැනීමට බැරි බවත් මොල හතක් නොව මොළේ කළඳක් නැති අයෙක් මුදල් ඇමති වී සිටින බවත් හෙතෙම කීය.
අද වන විට හැට නම ලක්ෂය පමණක් නොව ලක්ෂ 225 ම දඬුවම් විඳින බවත් ඒ නිසා වහාම මේ ආණ්ඩු වෙනස් කළ යුතු බවත් ඔහු පැවසීය.
වහාම මේ ආණ්ඩුව වෙනස් නොකළහොත් රටක් ඉතුරු නොවන බව පැවසූ ඔහු රට පාලනය කළ හැකි කාට හෝ පුළුවන් කෙනෙකුට බලය ලබා දෙන්නැයිද ඉල්ලා සිටියේය.
නලීන් බණ්ඩාර මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.