යුක්‍රේනයට රුසියානු හමුදාවෙන් දිගට ම ප්‍රහාර…! කියුව් රූපවාහිනී කුලුනත් විනාශයි..!

March 2, 2022 at 9:05 am | by emanisa.lk

රුසියානු හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ කියුව් නගරයේ පිහිටි ප්‍රධාන රූපවාහිනී සංඥා කුලුනක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එහි දී පුද්ගලයින් පස්දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ප්‍රහාරට හේතුවෙන් රූපවාහිනී සංඥා සඳහා බාධා ඇති වී තිබෙන බව වාර්තා වේ.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ කියුව් නගරයේ මර්මස්ථාන වෙත දිගට ම පහර දීමට කටයුතු කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස