2019 වසරේ පාස්කු ප්රහාරය පිළිබඳ තමා කිසිවක් දැන නොසිටි බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසයි.
එහෙත් තමා ඒ පිළිබඳ දැන සිටි බවට විවිධ පාර්ශ්ව චෝදනා කරන බවයි, හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
ප්රතිකාර ගැනීමට සිංගප්පූරු රෝහලකට ගිය දින තුනක් තිස්සේ දුරකතනය භාවිත නොකළ බව තමා අදහන බුදුන් වහන්සේ නාමයෙන් දිවුරා කිව හැකි බව හෙතෙම අවධාරණය කරයි.
පල්ලියේ උතුම් කුරුසය මත අත ගසා වුව ද තමන්ට දිවුරිය හැකි බව මෛතීපාල සිරිසේන සඳහන් කරයි.