රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව සේවක සේවිකාවන් අට දහසකට ආසන්න පිරිසක් සේවයේ යොදවාගෙන සිටින බව වාර්තා වේ.
මේ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමු වී ඇත.
මෙලෙස සේවයේ යෙදී සිටින වැඩි පිරිසක් පසුගිය රජය සමයේදී දේශපාලන හිතවත්කම් මත බඳවා ගනු ලැබූ අය බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මින් වැඩි දෙනෙකුට ඒ ඒ ආයතනවල නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුකූල වැඩ පැවරීමක් හෝ කර නැතැයිද දැනගන්නට ඇත. මේ තත්වය නිසා රටට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවන බව ගණන් බලා ඇත.
පවතින ආර්ථික තත්ත්ව යටතේ සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන්ට යම් නිශ්චිත වැඩ පැවරීමක් කර ඔවුන්ගේ සේවය රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීමට ද රජයේ අවධානය යොමුවී ඇත.