ප්‍රතිප්‍රහාර දරුණු විය හැකි බැවින් තමන්ට ප්‍රහාර එල්ල කිරීමට සුදානම් නොවන්නැයි ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන්ට කියා සිටින බව රාජ්‍ය ඇමැති නිමල් ලන්සා පවසයි.
පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ඔහු මේ බව කියා සිටියේය.
පසුගිය දවස්වල තමන්ට මුහුණදීමට සිදුවූ නින්දා එල්ල වූයේ තම පක්ෂයේ අයගෙන් යැයිද ලන්සා මහතා චෝදනා කළේය.
කෙසේ වෙතත් ජනතාවට ජීවත්වීමට ඔක්සිජන් අවශ්‍ය නැතැයි කී දේශපාලනඥයන් තමාට එරෙහිව සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පසුගිය දිනවල නිහඬව සිටියේ තම ප්‍රශ්නවලට වඩා ජනතාවට විශාල ප්‍රශ්න තිබීමත් නිහඬ වන්නැයි තම පාක්ෂික ජනතාව ලබාදුන් උපදෙසත් නිසා බව ද හෙතෙම කීය.
එවැනි දේශපාලනඥයකුගේ ප්‍රකාශයට එරෙහිව ප්‍රකාශ නිකුත් නෙකරන ලෙස තම ඡ න්ද දායකයන් ලබාදුන් උපදෙස් නිසාම තමන් එම සිද්ධියේදී අඩියක් පසුපසට ගත් බවද සඳහන් කළේය.
ගසක් බොහෝ වේලාවට ශක්තිමත් වෙනවා වැල් එකතු වුණාම. හැබැයි ඒ සියලු ම වැල් නොවෙයි. සමහර වැල් එකතු වුණහම ගස ශක්තිමත් වෙනවා නොවෙයි විනාශ වෙනවා. සමහර වැල් එකතුවෙන්න බලාගෙන ඉන්නවා ගස වටේ. හැබැයි ඒක තමයි විනාශය. ඒ විනාශයට අහුවෙන්න එපා. මොකද සෑම වැලම ගස ආරක්ෂා කරන්නේ නෑ. විශාල ගස්වලට ඒ සමහර වැල් හානියක් වෙනවා.”