කොළඹ මහ නගර සභා බලසීමාවට විදුලිය නොකැපීමට ව්‍යාපාරිකයන් පිරිසක් සහ ලංවීම අතර එකඟතාවයකට පැමිණ ඇතැයි ලංවීම ආරංචි මාර්ග කියයි.
ඒ අනුව කොළඹ නගරයට දෛනික විදුලි කප්පාදුව සිදු නොකරන බව ද එම ආරංචි මාර්ග කියයි.
කොළඹ හෝටල් සහ මහා පරිමාණ ව්‍යාපාරික ස්ථාන විදුලි ජනක යන්ත්‍ර භාවිත කරමින් දිවා කාලයේ දි ලංවීමට විදුලිය ඉතිරිකර දීමට ද ඊට හිලව් ලෙස කොළඹට විදුලිය විසන්ධි කිරීමත් නොකරන බව ද එම ආරංචි මාර්ග කියයි.