ව්‍යාපාරවලට විදුලි සැපයුම අඩුකර ජනතාවට දෙනවා..!

February 13, 2022 at 10:14 pm | by emanisa.lk

පාරිභෝගිකයින් විදුලි පරිභෝජනය සීමා කර නොගතහොත් අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහි සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදුලි පරිභෝජනය ඉතා අරපිරිමැස්මෙන් සිදුකළ යුතු බවය.

ජල විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඇතැම් ජලාශවල ජලය පවතින්නේ තවත් සති දෙකක් හෝ මාසයක් වැනි කාලයකට බව ද ඔහු පැවසීය.

ඉදිරියේ දී ව්‍යාපාරික ස්ථානවලට විදුලිය ලබා දීම අඩුකර මහ ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.

පෞද්ගලික සමාගම් විදුලි ජනන යන්ත්‍ර මගින් විදුලි උත්පාදනය සිදු කර ගත යුතු බව ද ඔහු තව දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *