නිදහස් දා වටු කුරුලු කතාව අලුතින් ලියවෙයි…! ගිරා රෑනක් පැමිණ යකඩ කූඩුව බිඳ පැටවා මුදා ගෙන යති…!

February 7, 2022 at 9:05 am | by emanisa.lk

රැනෙන් මිදී සිටිය දී අල්ලා කූඩු කර තිබූ ගිරා පැටවකු කූඩු කර මාසයක් වැනි කාලයකට පසුව ඉකුත් 04 වැනදා 20කට ආසන්න ගිරා රංචුවක් පැමිණ බේරා ගෙන අපූරු පුවතක් ජාඇලින් වාර්තා වෙයි.

කෑ කෝ ගසමින් පැමිණ කුඩුවේ යකඩ කූරු හොටෙන් ඈත් කළ ගිරා රැන, කූඩුවේ සිටි ගිරා පැටියා බේරා ගෙන ගොස් ඇත.

පැටවා මුදා ගැනීමට පැමිණි ගිරා රංචුවට බාධා කළ ගෙහිමියාට ද රංචුවේ ගිරවෙකුගේ ප්‍රහාරයට ලක්වීමට සිදුව ඇත. ගිරා ප්‍රහාරයෙන් ඔහුට සුළු තුවාල සිදුව ඇත.

මීට මාසයකට පමණ පෙර ජාඇල, බටගම ප‍්‍රදේශයේ වෙල් යායක වැටී සිටිය දී අහුලා ගත් අදාළ ගිරා පැටවා ප‍්‍රදේශවාසී පුද්ගලයකු විසින් නිවස ගෙන ගොස් කූඩුවේ දමා ඇති දැඩි කර තිබේ. මීට පෙර ද කූඩු කර සිටි ගිරවා ළඟට ගිරා රංචු පැමිණි බව ද ඒ පුද්ගලයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *