බූස්ටර් එන්නත වහාම ගන්න…! බූස්ටර් ගත් කිසිවෙක් මිය ගොස් නෑ…!

February 2, 2022 at 7:39 pm | by emanisa.lk

ජනවාරි මස කොවිඩ් ආසාදිතව මරුමුවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කිසිවෙකු කොවිඩ් බූස්ටර් මාත්‍රාව ගෙන නොමැති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි පවසයි.

මරණ සංඛ්‍යාව 4%කින් පමණ ඉහළ ගොස් ඇති බවත් වෛද්‍ය රුවන් විජයමුණි පෙන්වා දෙයි.

මේ අතර ජනතාව දැන් තෙවන මාත්‍රාව ගැනීමට උනන්දුවක් දක්වන බවත් ඊයේ දිනයේ ලක්ෂයකට ආසන්න පිරිසක් තෙවන මාත්‍රාව ගෙන ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

දිනකට ලක්ෂය බැගින් එන්නත ලබාගතහොත් දින 14-15ක් ඇතුළත මුළු රටට ම එන්නත ලබා දී අවසන් කළ හැකි බවයි, ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *