සතොසට ගිය බන්දුලට කාන්තාවකගෙන් කුණු බැනුම්..! බන්දුල පළා යයි…!

January 31, 2022 at 8:23 am | by emanisa.lk

කතරගම සතොස වෙළද හලේ අඩුපාඩු ගැන සොයා බැලීමට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට භාණ්ඩ මිළ දී ගැනීමට පැමිණි කන්තාවක් දොස් නඟමින් ඇමැතිවරයා රූපවාහිනියෙන් කියන කිසිවක් සතොසේ මිලට ගන්නට නැතැයි පවසා ඇත.

“බෝරුවට එනවා බලන්න. හාල් තියෙනවාද? කියන දේවල් කරනවාද ? මිනිස්සුන්ට කන්නවත් නැහැ.” කියා එම කාන්තාව බැන වැදුණාය.

රටේ මේ වැනි වතාවරණයක් තියෙද්දි මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්න කියා අමාත්‍යවරයා ඒ සතොසින් වහා පිටව ගියේය.

බන්දුල ගුණවර්ධන කතරගම කටගමුවේ සංචාරක නිවාඩු නිකේතනයක් විවෘත කිරීමට පැමිණ ඇති අතර කතරගම සතෝස ගැන සොයා බැලීමට පැමිණ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *