නැවත රට වහන්න වුණොත් මාසේ පඩියත් නැති වෙයි…! වහා ම තුන්වෙනි මාත්‍රාව ලබා ගෙන ආරක්ෂා වන්න..! – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්…

January 29, 2022 at 11:50 am | by emanisa.lk

කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යෑම නිසා ඉදිරියේ දී රට වසා දැමීමකට ලක් වුව හොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයන්ට ද ගැටලුවක් ඇති විය හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

එවැනි තත්ත්වයකට රට පත් නොකිරීම සඳහා ජනතාව පූර්ණ එන්නත්කරණයට යොමු වී සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

වඩා වැදගත් වන්නේ පැතිරෙමින් පවතින්නේ කුමන වෛරස් ප්‍රභේදය ද යන්න නොව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම බව ද හෙතෙම කීය.

මේ වන තෙක් කොවිඩ් තුන්වැනි මාත්‍රාව නොගත් අය ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ ප්‍රධාන රෝහලකට ගොස් එන්නත ගන්නා ලෙස ද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස