ඉතිහාසයේ කොළඹට කිරි ගමට කැකිරි වැනි අදහස් සමාජගත වුණේ එක්තරා කොටසක් පමණක් කේන්ද්‍රගත කරමින් සිදු වූ සංවර්ධන ක්‍රියාවලිය හේතුකොටගෙන බවත්, භූගෝලීය වශයෙන් කොටස් වෙන්කර රටක් සංවර්ධනය කරන්නට නොහැකි බවත්, සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සෑම කොටසකටම සමාන ලෙස ගලා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ඇතැම් කොටස් තමන්ව විවේචනය කරන්නේ සුබසාධන කටයුතු සිදුකිරීම හේතුවෙන් බවත්, ජනතාවට බෙදා දීම පිළිබඳව ඔවුන් දැඩි නො සතුටකින් සිටින බවත් පැවසූ විපක්ෂ නායකවරයා, දේශපාලකයන් සහ ධන කුවේරයින් තම තමන්ට බෙදාගැනීම ගැන කිසිවෙක්, කිසිවක් කතා නොකරන බවත් පෙන්වා දුන්නේය.
හාම්පුතුන් ගැන, ධන කුවේරයින් ගැන පමණක් නොව, සූරා කෑමට ලක් වන බහුතර ජනතාව ගැනත් සොයා බැලීමට තමන්ට ඇති වගකීම කිසිදා අත් නොහරින බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ ඊයේ (25) කොළඹ නව නගර ශාලාවේ පැවති සමගි සේවක සංගමයේ පළමු සංවත්සර උළෙල අමතමිනි.