ඩොලර් ගැටලුව හේතුවෙන් කොළඹ වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු බහාලුම් දහසකට වැඩි ප්‍රමාණය මුදා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් මහ බැංකුව වෙත ලබා දී තිබේ.
ආනයනකරුවන්ගේ භාණ්ඩ විස්තර ඇතුළත් වාර්තාවක් ඒ අනුව මහ බැංකුව වෙත අද ( 06)භාර දුන් බව වෙළඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අදාළව වෙළඳ අමාත්‍යවරයා සහ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අතර සාකච්ඡාවක් ද පවත්වා ඇති අතර එහි දී ආනයනකරුවන්ට අවශ්‍ය ඩොලර් හෙට දින නිකුත් කිරීමට තීරණය වූ බව එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.