සියලු බස් ගාස්තු ඉහළට…! අවම බස් ගාස්තුව රු. 16ක්..! සංගම් සඳහා ඒ්කත් මදිලු..!

December 29, 2021 at 9:34 am | by emanisa.lk

බස් ගාස්තු සංශෝධනයට අදාළ වාර්තාව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වෙත භාර දි තිබේ.

ජාතික ගමනාගමන කොමිශන් සභාව විසින් මාර්ග කොටස් 320 කට අදාළව සකස් කළ මෙම වාර්තාව ඊයේ පස්වරුවේ රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී ඇති බව සඳහන් වෙයි.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ බස් ගාස්තු ඉහළ දැමිය යුතු බවට බස් සංගම් ප්‍රකාශ කළ අතර ඒ අනුව සකස් කළ වාර්තාව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාර දී ඇත. අද දිනයේදී ඒ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

නව සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා, සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී මෙන්ම අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ යනු ඇති අතර දැනට ක්‍රියාත්මක අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ යනු ඇති බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වුව ද බස් සංගම් පවසන්නේ මෙම ගාස්තු සංශෝධනය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත් අවම බස් ගාස්තුව රු.22ක්වත් විය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *