කොළඹ උපාධ්ධාරීන් කුලපති හිමිට සැලකූ ආකාරය ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්…! – ඕමල්පේ හිම්…

December 19, 2021 at 10:25 pm | by emanisa.lk

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේ දී එම උපාධිලාභීන් කටයුතු කළ ආකාරය ඉතා ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

මේ ක්‍රියාව තුළින් කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිලාභී විද්වතුන් සිය අභීතභාවය, ආත්මීය ගරුත්වය මැනවින් ප්‍රදර්ශනය කර ඇති බවත්, ජනාධිපතිවරයා හා රජය ඔවුන් ලබාදුන් පණිවුඩය තේරුම් ගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මහානායක නායක, හිමිවරු ඇතුලු සියලුම ආගමික නායකයන් හා සමාජ ක්‍රියාකාරීන් මෙය පාඩමක් කරගත යුතු බව කී සෝභිත හිමියෝ බොහෝ දෙනෙක් උගුරට හොරා බෙහෙත් කන ආකාරයේ නෝංජල්, දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරද්දී, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්වතුන් ඝෘජු ලෙස තමන්ගේ මතය පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි ද කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස