කොළඹ කුලපති හිමිට කිසිදු විරෝධයක් නෑ…! ත්‍යාග සහ පදක්කම් ලබා දුන්නේ කුලපති හිමි…! – නිර්මාල් දේවසිරි…

December 18, 2021 at 9:54 am | by emanisa.lk

ඊයේ (17) පැවැති කොළඹ විශ්වවිද්‍යාලීය උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට විරෝධය පළ වූ බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

සිසුන් කුලපති හිමියන් අතින් උපාධි මංජුසාව ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බවට සහ උප කුලපතිනිය අතින් එය ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

කෙසේ වුව ද ආචාර්ය නිර්මාල් පෙන්වා දෙන්නේ, උප කුලපතිනිය අතින් උපාධි මංජුසාව ලබා දුන්නේ සැලසුම් කළ ආකාරයට ම බවයි.

මෙහි දී දක්ෂතම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා හිමි වන ත්‍යාග සහ පදක්කම් හිමි ලබා දුන්නේ කුලපති හිමියන් අතින් බව ද ඔහු ෆේස්බුක් සටහනක් තබමින් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස