කොළඹ කුලපති හිමිට විරෝධය…! කුලපති හිමි අතින් උපාධිය එපා කියති…! උප කුලපතිනිය මුලසුනට…!

December 17, 2021 at 3:54 pm | by emanisa.lk

අද (17) පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි සම්මාන ප්‍රදානෝත්සවයේ දී සරසවි සිසුන් වත්මන් කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින් උපාධි සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ සම්මාන සහතික උපකුලපතිවරයාගේ අතින් ලබා ගෙන ඇති සිසුන් ආනන්ද හිමියන්ගේ අතින් අදාළ සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇත.

අදාළ පත්වීම දේශපාලන පත්වීමක් බව පවසමින් මෙම ප්‍රතික්ෂේප කිරීම සිදු කොට ඇති බව ද දැන ගන්නට තිබේ. උප කුලපතිනිය අතින් සිය උපාධි මංජුසාව ලබා ගැනීමට සිසු සිසුවියන් ඉල්ලීමක් ද කර ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *