නව වසරේ ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, උව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.
ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නල්ලතන්නිය ග්‍රාමසේවා නිලධාරි කාර්යාල පරිශ්‍රයේ දි රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුම්වත් කිරිම සඳහා පැවැති විශේෂ රැස්විමකදී නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්විමේදි වැඩිදුරටත් අනුශාසනා කළ ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව කටයුතු කරමින් ශ්‍රි පාදය කරුණා කිරීමට බැතිමතුන්ට අවස්තාව ලැබෙන බවයි.
ශ්‍රිපාද වන්දනාවේ පැමිණිමේ දී කොවිඩ් 19 වෛරස එන්නත්කරණ කාඩ්පත ද රැගෙන ඒමෙන් කිසිදු බාධාවකින් තොරව වන්දනාකරුවන්ට ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවස්තාව ලැබෙන බව ද එහි දී ප්‍රකාශ විය.
වසර දෙකක් තිස්සේ මෙරටට බැතිමතුන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට ද ශ්‍රිපාදස්ථානය කරුණා කිරිමට අවස්තාව නොලැබුණු බවත්, ඒ අනුව මෙවර ශ්‍රි පාද වන්දනා වාරය පැවැත්වීමේ දි ශ්‍රිපාදස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෞඛ්‍ය උපදෙස් නියෝග නිකුත් නොකරන ලෙසට සෞඛ්‍ය අංශ නිලධාරීන්ගෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඉල්ලිමක් කරනු ලැබු අතර ශ්‍රිපාද වන්දනාවේ පැමිණිම්දී ශ්‍රිපාද පරිසරය රැක ගනිමින් ශ්‍රිපාදය කරුණා කරන ලෙසයි, ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ.