සඳහිරු සෑය සමස්ත ලෝකවාසී සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා සම්බුදු සසුනට පූජා කිරීම අද (18) පස්වරුවේ සිදුවිය.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙනි.
මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් උදාරතර කැපකිරීම් කළ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමේ හා තිස් වසරක ත්රස්තවාදයේ නිමාව සනිටුහන් කිරීමේ අරමුණින් සඳහිරු සෑය ඉදිකෙරුණි.
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ එතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ සඳහිරු සෑයේ පසුගිය ආණ්ඩුව සමයේ එම කටයුතු අඩාල විය. එම සෑයේ නිදන් කිරීම සඳහා රත්තරන් ලබා දුන් රේගු ප්රධානීන් ද එකල අත්අඩංගුවට ගැනිණි.