පාදෙණියට මං ළඟ වැඳ වැටිලා සෞඛ්‍ය ලේකම්කම ඉල්ලලා යාඥා කරන්න හොඳයි..! මං කොළඹ විශ්වවිද්‍යාල කුලපති වෙද්දි නරකයි…! – මුරුත්තෙට්ටුවේ හිමි…

November 11, 2021 at 3:41 pm | by emanisa.lk

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සිය පන්සලට පැමිණ තමන් වහන්සේට දණ ගසා වැඳ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධූරය තමන්ට ලබා ‌ගැනිමට උපකාර කරන ලෙස ඉල්ලා සිටි බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධූරය ලබා ගැනීමට උදව් කළහොත් හෙද ප්‍රශ්න සියල්ල විසඳන බවට මෙන් ම විශ්වවිද්‍යාල සතියකින් විවෘත කරන බවට සහතික වූ බව ද ඒ සඳහා සාක්ෂි තමා සතුව ඇති බව ද එහිමියෝ අනාවරණය කරති.

ඒ අවස්ථාවේ එතැන සිටි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අමතා “සර්, හාමුදුරුවොත් එක්ක කතා කරල, මට ලේකම්කම ගන්න උදව් කරන්න” යැයි ද වෛද්‍ය පා‍දෙණිය පැවසූ බවත් මුරුත්තෙට්ටුවේ හිමි හෙළි කරයි.

ඒ වෙලාවේ තමා ඉදිරියේ බිම ඉඳගෙන යාඥා කළ වෛද්‍ය පාදෙණිය අද වෙනස්ව ඇති බවත්, ඔහු කළ දෙපිටකාට්ටු වැඩ හෙළිකළොත් ඔහුට යන එන මං නැතිවනු ඇති බවත් උන්වහන්සේ වැඩි දුරටත් කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස