ශ්‍රී ලංකාව කෙමෙන් බංකොලොත් රාජ්‍යයක තත්ත්වය කරා යමින් ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
මෙම තත්ත්වයෙන් රට ගලවා ගැනීමට අලුත් මුදල් ප්‍රවාහයක් ඇති කළ යුතු බව ද ඇමැතිවරයා අවධාරණය කරයි. එසේ නොවුණහොත් 2029 වන තුරු කිසිවෙකුට හිස එසවිය නොහැකි බව ද ඔහු පවසයි.
නො එසේ නම් කෙසේ හෝ රටට ආයෝජන ගෙන ආ යුතු බවත් මේ වන විට රටේ විකිණීමට වත්කමක් නොමැති බවත් බන්දුල ගුණවර්ධන වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
මේ වන විට මූඩිස් ආයතනයේ ණය ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව CAA1 සිට CAA2 දක්වා පහත දමා ඇති අතර තව පියවර දෙකක් පහතට වැටුණහොත් රට බංකොලොත්භාවයට පත්වෙයි.
අද (04) පෙරවරුවේ දෙරණ BIG FACUS වැඩසටහනට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.