සිරිල් ගාමිණී පියනම CID කැඳවීම හෙළා දකිනවා..! – සජබෙ..

October 30, 2021 at 6:10 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුකරන ලෙස හඬ නඟන සිරිල් ගාමිණී පියනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීම තරයේ හෙළාදකින බව සමගි ජන බලවේගය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර අවධාරණය කරන්නේ පණිවිඩකරුවාට වෙඩි තබන ක්‍රියාපිළිවෙතින් මිදී ආණ්ඩුව තමන් බලය ලබා ගැනීමට දුන් පොරොන්දු අනුව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කළයුතු බවය.

බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සහරාන් සමග සමීප සබඳතා පැවැත් වූ බවට සිරිල් ගාමිණී පියනම මාධ්‍ය හමුවක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශ ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ අතර පියනම කැඳවා ඇත්තේ එම පැමිණිල්ල අනුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *