ජනතා විමුක්ති පෙරමුණ මේ රට පාලනය කළේ නම් මෙවැනි විදේශ සංචිත අර්බුදයක් ඇති වීමට ඉඩ නොදෙන බව එහි නායක අනුර දිසානායක පවසයි.
අර්බුදයක් සමග රට භාර ගැනීමට සිදු වූයේ නම් මේ වන විට විදෙස් ණය මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් කර ජාතික ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කර එම ණය ගෙවීමට සහන කාලයක් ගන්නා බව ද ඔහු ප්‍රකාශ කරයි.
එසේ ම එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල වාසය කරන ශ්‍රී ලාංකික ධනපතියන්ගෙන් වෙනදාට වඩා ඩොලර් 500ක් රටට එවන ලෙස ඉල්ලා සිටින බවත් ජවිපෙ නායකයා අනාවරණය කරයි.
එමගින් අද රට හමුවේ ඇති විදෙස් සංචිත අර්බුදය විසඳා ගන්නා බව අනුර දිසානායක සඳහන් කළේ පසුගිය හිරු බලය වැඩසටහනට එකතු වෙමිනි.