වෛද්‍යවරයාගේ කාර්ය දේශපාලනඥයා කරන්න ගියා ම ජනතාව අමාරුවේ වැටෙනවා…! – සජිත්…

October 9, 2021 at 9:36 am | by emanisa.lk

වෛද්‍යවරුන්ගේ කාර්යභාරය ඉටු කිරීමට වෛද්‍යවරුන්ට ඉඩදිය යුතු බවත් දේශපාලනඥයින්ගේ කාර්යභාරය දේශපාලනඥයින් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

එසේ නොවන විට අසීරුතාවට පත්වන්නේ ජනතාව බව ද ඔහු සඳහන් කරයි.

ප්‍රමුඛතාව කුමක් දැයි හඳුනා ගැනීමට ආණ්ඩුවට හැකියාවක් තිබිය යුතු යැයි ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

බරපතළ ව්‍යසනයක් බවට පත්ව ඇති කොවිඩ් මර්දනය පසෙක ලා ආණ්ඩුව මංතීරු තැනීමට මුල්තැන දී ඇතැයි ද සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ ආණමඩුව රෝහලට සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවකට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *