ජාඇළ බෝපිටිය ශාන්ත නිකොලාස් දේවස්ථානයට ඉකුත් (28) වනදා දැනුම්දී තිබූ ආරක්ෂක තොරතුර විදෙස් රටකින් ලද එකක් බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
එහි දී ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේ, එදින අදාළ දේවස්ථානයට දී තිබූ තොරතුර වන්නේ ‘සාමාන්‍යයෙන් ඉන්නවාට වඩා විමසිල්ලෙන් ඇස් කන් ඇරගෙන ඉන්න’ යන පණිවිඩය බවය.
“අපිට පාන් විකුණන පුද්ගලයාගෙන් පවා තොරතුරු ලැබෙනවා. ඒ කිසිම තොරතුරක් වැඩක් නෑ කියලා අපි ඉවත් කරන්නේ නෑ. එවැනි සිය ගණන් තොරතුරු ලැබෙනවා.
ඒ ලැබෙන තොරතුරු විශ්ලේෂණය කොට බුද්ධි තොරතුරු වෙන්කර ගන්නවා. ඒ සඳහා යම් කාලයක් ගතනෙවා. ඒ වෙන්කර ගන්නකම් නිකං ඉන්නත් බෑ. මොකද සතුරා ඉක්මන් වෙන්න පුළුවන්.
එහෙම දැනුම්දීමක් තමයි එදා කරලා තිබුණේ. ඒක මගේ නිලධාරියා සද්භාවයෙන් කළ දෙයක්. අපි කාවවත් විහිළුවට අරගෙන නෑ. මං දැක්කා එහෙම කතාත් කියවෙනවා.”