කොවිඩ් දීමනා අත්හිටුවීමට විරෝධය…! සෞඛ්‍ය සේවක වර්ජනයක් අද…!

September 27, 2021 at 7:50 am | by emanisa.lk

සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් අද (27) දිනයේ දී වැඩවර්ජනයකට නිරත වෙයි. අද උදෑසන 07 සිට පැය 05 ක කාලයක් සේවයෙන් ඉවත් වී වර්ජනයක නිරත වෙති.

මීට හේතුව වී තිබෙන්නේ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදුන් කොවිඩ් දීමනාව අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණයයි. රජයේ මෙම තීරණයට දැඩි විරෝධය පළ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පවසයි.

මෙම වර්ජනය සඳහා හෙද සේවාව, පරිපූරක සේවාව, අතුරු වෛද්‍ය සේවාව, ලිපිකරු හා රියදුරු සේවාව නියෝජනය කරන සෞඛ්‍ය සේවකයන් මෙම විරෝධාතවයට එකතු වන බව ද රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

කොවිඩ් වසංගත තත්ත්වය අවසන්ව නොමැති නමුත් පසුගිය අගෝස්තු මාසයේ සිට කොවිඩ් දීමනාව අත්හිටුවා ඇති බවත්, ජීවිත අවදානම ද නොතකා සේවය කරන සෞඛ්‍ය සේවකයන්ට මෙම දීමනාව අහිමි කිරීම බලවත් අසාධාරණයක් බවත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *