යුද හමුදාව ෆයිසර් සහ මොඩර්නා එන්නත ලබා දෙන්නේ උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන සිසුන් සඳහා පමණක් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
එම එන්නත ලබා ගැනීම සඳහා විදෙස්ගත වීමට අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කරයි.
එසේ ම මෙරට විශ්වවිද්‍යාල සිසුන් සඳහා ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබා දීමට මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති, මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ විශ්වවිද්‍යාල සිසුන් සඳහා කිසිදු විශේෂ එන්නතක් ඉල්ලා නොමැති බවත් සිසුන්ට තමන් පදිංචි ප්‍රදේශවල එන්නත්කරණ මධ්‍යස්ථානවලින් එන්නත ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා ඇති බවත් ය.