රජයෙන් ඉවත් නොවන බවත් ඒ සම්බන්ධයෙන් පැතිර යන කට කතා අසත්‍ය බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“ඒක සම්පූර්ණ අසත්‍යයක්. රජයෙන් ඉවත් වෙන්නේ නෑ. පක්ෂයේ සංවත්සරය තියෙන්නේ හෙට.
අවුරුදු 70ක් පිරෙන්නේ. හෙට හවස මගේ විශේෂ කතාවක් තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් මාධ්‍යට නිකුත් කරනවා.”