ආණ්ඩුවේ ඉන්න කල් ඩබල් ගේම් නොගහ ආණ්ඩුව රකින්න ඕන….! – නාමල්…..

July 15, 2021 at 7:14 am | by emanisa.lk

එක්ව ආණ්ඩුවක් හැදුවා නම් එය රැකිය යුතු බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

පහුගිය පාලන කාලය හැදූ ආණ්ඩුව අය අතරමග ආණ්ඩුව රැකීම නතර කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරය එල්ල වීම, බුද්ධි අංශ දුර්වල වීම ආදිය සිදු වූ බවත් එයට හේතුව තමන් ගැන පමණක් සිතා ආණ්ඩුව ගැන නොසිතීම බව අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙයින් එකතු වී ආණ්ඩුවක් හැදුවේ නම් එහි සිටින තුරු ඩබල් ගේම් නොගහ ආණ්ඩුව රැකගත යුතු බව ඇමැතිවරයා අවධාරණය කරයි.

තනතුරු වරප්‍රසාද ප්‍රශ්න නිසා තමන් තමන්ගේ හිත රිදීමට වඩා ජනතාවගේ හිත රිදුන එක සන්සුන් කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

ඊයේ (14) කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *