ආණ්ඩුව විරෝධී පොදු වැඩපිළිවෙළක් පදනම් කරගෙන සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂ දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමට මේ දිනවල විපක්ෂය කටයුතු කරමින් සිටී.
මෙම සන්ධානයට මෙතෙක් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කරගෙන නැති වුව ද දෙමළ ජාතික සන්ධානය, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, රවුෆ් හකීම් ආදීන් මේ වනවිටත් එකඟතාව පළකර තිබේ.
මෙම සන්ධානය පුළුල් කරමින් එම පක්ෂ මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කිහිපයක් ද එක්කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට සූදානමක් ඇතැයි ද වැඩි දුරටත් වාර්තා වෙයි.