හමුදාවට එන්නත්කරණයට ඉඩදෙන්න එපා….! එන්නත් ගහන්නේ හමුදාව නම් අපි මොකට ද…? – GMOA

July 7, 2021 at 10:28 pm | by emanisa.lk

කොවිඩ් එන්නත් හමුදා කඳවුරු ඔස්සේ ලබා නොදී රෝහල් ඔස්සේ ලබා දිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

හමුදා කඳවුරු ඔස්සේ එන්නත ලබා දීම නිසා විශාල වශයෙන් ජනතාව කඳවුරු අසලට එකතු වන බවත් එම සංගමයේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පෙන්වා දෙයි.

කොළඹින් පිට ඇතැම් රෝහල්වලට මේ වන තුරු එන්නත් කුප්පියක් හෝ ලැබී නොමැති බවත් එන්නත්කරණය සිදුකරන්නේ හමුදාව නම් සෞඛ්‍ය පද්ධතියක් කුමකට දැයි ඔහු ප්‍රශ්න කළේ ය.

කෙසේ වුව ද හමුදා රොහල් ඔස්සේ කාර්යක්ෂම ලෙස එන්නත්කරණය සිදුකිරීම ජනතාවගේ ප්‍රශංසාවට ලක් වූ අතර සෞඛ්‍ය අංශ සිදුකළ එන්නත්කරණ වැඩසටහන්වල දී ජනතාව පීඬාවට පත්වන බවට දැඩි චෝදනා නැඟිණි. එසේ ම එන්නත්කරණය සිය පෞද්ගලික උවමනා අනුව ඥාතීන්ට මිතුරන්ට ලබා දුන් බවට මෙන් ම එන්නත් විශාල වශයෙන් අතුරුදන් වූ බවට චෝදනා නැඟිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *