බද්දෙගම සමිත හිමි කොවිඩ් ආසාදිතව අපවත් වෙයි….!

May 30, 2021 at 9:20 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, බද්දේගම සමිත හිමියන් කොවිඩ් ආසාදනය හේතුවෙන් අද (30) අලුයම අපවත් වී ඇතැයි වාර්තා වී තිබේ.

මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී එහිමියෝ කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් අපවත් වී ඇති අතර අපවත් වන විට 68 වැනි වියේ පසුවූහ.

මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂුන් වහන්සේ වන සමිත හිමි 2001 – 2004 කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර ලංකා සමසමාජ පක්ෂයේ විධායක සභිකයෙකු ලෙස ද කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *