ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රබල තනතුරක් නිර්මාණය කිරීමට තීරණය කර තිබේ.
මෙම තනතුර අලුතින් පිහිටු වන්නේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ නිර්දේශය මත ය.
ඒ සඳහා පත් කිරීමට සූදානම් වන්නේ හිටපු ප්‍රසම්පාදන කොමිසම් සාමාජිකයකු ද වන ක්‍රිස්ටි පෙරේරා ය.
ඔහු හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ සමීපතමයකු බව ද දැනගන්නට තිබේ.