ජනතාවට රු. 5000ක් බැගින් නැවත දෙනු…! රාජ්‍ය සේවකයින්ට අතුරු දීමනාවක් දෙනු…! සෞඛ්‍ය අංශවලට කොවිඩ් දීමනාවක් ගෙවනු…!

May 14, 2021 at 11:33 pm | by emanisa.lk

දෛනික ආදායම් අහිමි වූ ජනතාවට රජය රු. 5000 දීමනාව ලබා දීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගය පවසයි.

එසේ ම අප්‍රේල් වැටුප කලින් ලබා දුන් හෙයින් මැයි මස වැටුප ලැබෙන තුරු වහා ම දීමනාවක් ලබා දිය යුතු බවත් නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය අවධාරණය කරයි.

එසේ ම කොවිඩ් වසංගතය පාලනය කරන තුරු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා විශේෂ අතුරු දීමනාවක් ලබා දිය යුතු බව ද එහි සඳහන් වෙයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *