සේරුවාවිල නාහිමි කොවිඩ් ආසාදිතව ඉන්දියාවේ දී අපවත් වෙයි…! දේහය පිළිබඳ අවසන් කටයුතු ඉන්දියාවේ දී…?

May 13, 2021 at 8:21 am | by emanisa.lk

සේරුවිල මංගල රජමහා විහාරාධිපති හා දොම්පෙ පාළුගම භාවනා අසපුවේ ප‍්‍රධාන අනුශාසක නැෙඟනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක කථිකාචාර්ය පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමිපාණෝ ඉන්දියාවේදී කොවිඩ් ආසාදිතව අපවත් වී වදාළහ.

අපවත් වන විට 62 වැනි වියේ පසු වූ මෙත්තාරාම නාහිමියෝ ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාවට වැඩම කර සිටියහ.

සේරුවිල මංගල රජමහා විහාරාධිපතිව වැඩ විසූ සේරුවිල සරණකිත්ති නාහිමිපාණන් අපවත් වීමෙන් පසු උන්වහන්සේ එහි විහාරාධිපති පදවියට පත්වූහ. සේරුවිල කේන්ද්‍රකොට නැඟෙනහිර බෞද්ධ උරුමය ආරක්ෂාකර දීමට මෙත්තාරාම නාහිමියෝ කැපවූහ.

ශල්‍යකර්මය සිදුකිරීමට පෙර උන්වහන්සේ මෙලෙස කොවිඩ් ආසාදනයට ලක්ව අපවත් වී ඇති බව වාර්තා වී තිබේ.

පවතින වසංගත තත්ත්වය හමුවේ උන්වහන්සේගේ දේහය ලංකාවට රැගෙන ඒමක් සිදු නොකර එරට දීම ආදාහනය සිදුකිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව විහාරස්ථ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *