මෛත්‍රීගේ පුතාට පහර දුන් පොලිස් ස්ථානාධිපති යළි සේවයේ පිහිටුවයි…..!

April 28, 2021 at 1:26 pm | by emanisa.lk

නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්‍රයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්කර සිටි පෑලියගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති යළි සේවයේ පිහිටුවා තිබේ.

මේ අනුව හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ලෙනාඩ් සිල්වා නැවත සේවයේ පිහිටුවා ඇත.

විනය පරීක්ෂණයකට යටත්ව හිටපු ස්ථානාධිපතිවරයාව යළි සේවයේ පිහිටුවීම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබේ.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකරගේ උපදෙස් මත මෙය සිදුකර තිබෙන බවට වාර්තා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *