පුබුදු ජයගොඩලා සිරස එක්ක අමුතු සෙල්ලමක….! යුද්දේ කාලේ වගේ බොරු පුවත් මවයි…!

April 27, 2021 at 8:38 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගම සමඟ පිළිසඳ පසුවිපරම සඳහා ඊයේ (27) හල්දුම්මුල්ලට ගිය අවස්ථාව පිළිබඳ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ අසත්‍ය පුවතක් සමාජගත කළ බවට සමාජ මාධ්‍යවල චෝදනා කෙරෙයි.

“කම්කරු දිනය වගේ නෙමෙයි ගම සමඟ පිළිසඳරේ මාස්ක්වත් ඕන නෑ” යන ශීර්ෂය යටතේ පුබුදු ජයගොඩ සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පළකර ඇත්තේ ජනාධිපතිවරයා 2020 සැප්තැම්බරයේ ප්‍රථම ගම සමඟ පිළිසඳරට ගිය අවස්ථාවේ ඡායාරූපයකි.

ඔහු මෙම ඡායාරූපය ලබා ගෙන ඇත්තේ සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයෙනි. සිරස රූපවාහිනිය ද මෙම රූපරාමු පැරණි රූපරාමු බව සඳහන් නොකර ඒවා ඊයේ දින රූපරාමු බවට සමාජගත කිරීමට උත්සාහ කරනු දැකගත හැකි ය.

කෙසේ වුව ද මෙවර හල්දුම්මුල්ලට ජනාධිපතිවරයා ඊයේ ගොස් තිබුණේ මුව ආවරණ පැළඳ වන අතර එහි දී ගම සමඟ පිළිසඳරෙහි සංවර්ධන කටයුතු විමර්ශනය කළා මිස ජනහමුවක් පැවැත්වූයේ නැත. මෙවැනි ව්‍යාජ පුවත් මගින් ජනතාව නිරෝධායන නීති නොරකින තැනට පත්කිරීමට අදාළ කණ්ඩායම් උත්සාහ කරන බවට චෝදනා නැඟෙයි.

නිශ්චිත දින සහිතව දෙරණ නාලිකාව අදාළ පුවත නිවැරදි ලෙස විකාශය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *