හිටපු අගවිනිසුරු ඉවත් කිරීම ව්‍යවස්ථා විරෝධීයි…! වරද නිවැරදි කරන්න වහා ම තීන්දුවක් ගන්නවා…! – අධිකරණ ඇමැති….

April 5, 2021 at 1:43 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගවිනිසුරු මොහොන් පීරිස් එම තනතුරින් ඉවත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනිව යැයි අධිකරණ ජනාධිපති නීතීඥ ඇමැති අලි සබ්‍රි පවසයි.

අගවිනිසුරු ඉවත් කිරීම ජනාධිපතිවරයකු හිතෙන හිතෙන විධියට කළ නොහැකි බවත් එය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ක්‍රියාවලියකින් පමණක් බවත් ඇමැතිවරයා අවධාරණය කරයි.

සිදු වූ එම වරද වහා නිවැරදි කළ යුතු බව කී අධිකරණ ඇමැතිවරයා, අගමැතිවරයා සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව ද පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් 2013 ජනවාරි 15 වැනි දා මොහාන් පීරිස් අගවිනිසුරු ධූරයට පත් කරනු ලැබූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 වර්ෂයේ දී මොහොන් පීරිස් එම පත්වීම අවලංගු හා බලශූන්‍ය කළ බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *