තාවකාලිකව ආනයනය අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන දින 180ක ණය පදනම මත ආනයනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
එමෙන්ම බතික් හා අත්යන්ත්‍ර මගින් වියන ලද ඇගළුම් හා රෙදිපිළි හැර වෙනත් සාරි වර්ග දින 90ක ණය පදනම මත ආනයනය කිරීමට සඳහා ද අවසර ලබාදී ඇත.
1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අංක 2214/56 දරන 2021 පෙබරවාරි 11 දිනැති ගැසට් නිවේදනය, එකී පනතේ 20 වන වගන්තියේ විධිවිධාන පරිදි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා විසින් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රට පුරා ඇති වූ ටයිල් හිඟය සමඟ ටයිල් ආනයනය සඳහා අගමැති මහින්ද රාජපක්ෂ ලබා දුන් අවසරය ඊට පසු දින ම ආනයන අපනයන දෙපාර්තමේන්තුව මගින් එම අනුමැතිය කල් දමා තිබිණි.