හෙල්කොප්ටර් බාන්න අමාරුයි කියා කතරගම දැවැන්ත කුඹුක් ගස් කපා දමයි…!

March 15, 2021 at 7:13 am | by emanisa.lk

කතරගම පුදබිම සහ මැණික් ගඟ දෙපස කුඹුක් ගස් කපා ඉවත් කිරීම හේතුවෙන් එහි පැමිණෙන බැතිමතුන් සහ ප්‍රදේශවාසීන් මේ වනවිට දුෂ්කරතාවයට පත්ව සිටි.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ ඉන් ප්‍රදේශයේ පවතින ජල මූලාශ්‍රවලට ද බලපෑමක් ඇති වියහැකි බවය.

පූජාභූමිය අවට ඇති විශාල කුඹුක් ගස් කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට සෙවණක් සලසමින් තිබුණි.

කාලයත් සමග වැඩුණු මේ කුඹුක් ගස් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර ද පිරිසිදු කරමින් ඉටු කරන්නේ මිල කළ නොහැකි සේවයකි.

නමුත් මීට දින කිහිපයකට පෙර කතරගම පූජා භූමිය අවට ඇති කුඹුක්, මී ඇතුළු දැවැන්ත ගස් කිහිපයක්ම කපා දමා තිබුණි.

ප්‍රදේශවාසීන් පවසන්නේ පුදබිම ආසන්නයේ ඇති හෙලිකොප්ටර් අංගනය අවහිරවීම හේතුවෙන් ඒ අවට සහ මැණික් ගඟ දෙපස ඇති ගස් කපා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවය.

එලෙස කපා ඉවත්කළ ගස්වල අතු විධිමත්ව ඉවත් නොකිරීමෙන් මැණික් ගඟද අද වනවිට අපවිත්‍ර වී පවතී.

පුදබිමට සෙවණක් වූ මේ රූස්ස ගස් කපා ඉවත් කිරීම නිසා එහි පැමිණෙන බැතිමතුන් සහ වෙළෙඳ ප්‍රජාවද අද වනවිට දැඩි අපහසුතාවයට පත්ව සිටි.

– adaderana

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස