ජාවාරම්කාර මුස්ලිම් ව්‍යාපාරිකයෙක් බේරගන්න ප්‍රබල ඇමැති බලපෑම් කළා…! – පෑලියගොඩ හිටපු පොලිස් ස්ථානාධිපති කියයි…

March 9, 2021 at 11:47 pm | by emanisa.lk

රුපියල් ලක්ෂ 75ක් සමඟ අත්අඩංගුවට ගත් ජාවාරම්කාර මුස්ලිම් ව්‍යාපාරිකයන් බේරා ගැනීම සඳහා ආණ්ඩුවේ මුස්ලිම් ඇමැතිවරයෙක් තමන්ට තර්ජනය කළ බව පෑලියගොඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා චෝදනා කරයි.

අදාළ සිද්ධිය ගොඩින් බේරා ගැනීම සඳහා තමන්ට රු. ලක්ෂ 15ක අල්ලසක් දීමට සූදානම් වූ බව ද ඔහු අනාවරණය කරයි.

මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහර දීමේ සිද්ධිය අසත්‍යයක් බවත් නීතීඥ සංගමය, නීතිපති දෙපාර්තමේන්තුව පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට ද ඔහු චෝදනා කරයි.

එසේ ම ඩුබායි රටේ සිට තමන්ට මරණ තර්ජනය කිරීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳවද ඔහු අනාවරණය කළේ ය.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *