බින් ලාඩන් නතර කරන්න බලවත් ඇමරිකාවටත් බැරි වුණා…! අසරණ අපි ගැන කවර කතා ද…! – මෛත්‍රී

March 6, 2021 at 10:05 pm | by emanisa.lk

ඉස්ලාම් අන්තවාදය අපට පමණක් නොව මුළු ලෝකයට ම විශාල තර්ජනයක් වී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ලොව බලවත් ම රට යැයි කියන ඇමරිකාවට සැප්තැම්බර් 11 බින් ලාඩන් එල්ල කළ ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි බව හිටපු ජනාධිපතිවරයා සිහිපත් කරයි.

පෙන්ටගනයට සහ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයෙන් දහස් ගණනක් මිය ගිය බවත් හෙතෙම සඳහන් කළේ ය.

බින් ලාඩන්ගේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු ප්‍රහාරයට සති දෙකකට පෙර ඇමරිකානු බුද්ධි අංශ වෙත ලැබී තිබුණු ද එය වළක්වා ගැනීමට ඇමරිකාවට නොහැකි වූ බව ද ඔහු අවධාරණය කරයි.

මේ සියලු අභියෝගවලට නොසැලී මුහුණ දෙමින් රට දැය සමයෙහි උන්නතිය පිණිස කටයුතු කිරීමට සූදානම් බව හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

උත්සව සභාවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස