පාකිස්තානු අගමැතිගේ රථපෙළ වීඩියෝ කළ පුද්ගලයෙක් බොරැල්ලේ දී අත්අඩංගුවට….!

February 25, 2021 at 10:41 am | by emanisa.lk

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන්ගේ ආරක්ෂාවට තර්ජනයක් යයි සැකපිට ඊයේ බොරැල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

මොහු සිය ජංගම දුරකථනයෙන් ෆේස්බුක් සජීවී විකාශයක් සක්‍රීය කරගෙන ඉම්රාන් කාන් ගමන් ගනිමින් සිටි රථවාහන පෙළ වීඩියෝගත කරමින් සිටි බව පැවසේ.

සැකකරු පෞද්ගලික අංශයේ යාන්ත්‍රික (මිකැනිකල්) සේවකයෙකු බව අනාවරණය වී ඇති අතර ඔහු කොළඹ පදිංචිකරුවෙකු ලෙසද හඳුනාගෙන තිබේ.

මෙම හැසිරීම පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් වූ බැවින් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වැඩිදුර පොලිස් පරීක්ෂණ පැවැත්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *