මේ දිනවල වනාන්තර විනාශය විශාල වශයෙන් සිදුවන බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසයි.
මේ සඳහා ඇතැම් රාජ්ය නිලධාරීන් ද සම්බන්ධ බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි. ඇතැම් ප්රා දේශීය ලේකම්වරුන් මේ සඳහා බලපත්ර නිකුත් කර ඇති බව ද හෙතෙම අනාවරණය කරයි.
ආරක්ෂක අංශ මැදිහත් වී වනාන්තර විනාශ කරන ස්ථාන වැටළු විට එම කණ්ඩායම් අතේ ඒ සඳහා බලපත්ර තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි.
මේ පිළිබඳ තමා ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව දැනුම්වත් කළ බවත් තිරිකුණාමල ප්රදේශයේ තමන් සමග සමීපව කටයුතු කරන භික්ෂූන් වහන්සේ නමක් ද වනාන්තර විනාශ කිරීමට කටයුතු කරමින් ඇති බවත් එය වහා නතර කරලීමට ආණ්ඩුකාරවරියට උපදෙස් දුන් බවත් කමල් ගුණරත්න වැඩි දුරටත් සඳහන් කරයි.