දේශීය නිෂ්පාදකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආනයනය අත්හිටුවා තිබියදී ටයිල් ව්‍යාපාරිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස ටයිල් ආනයනය කර තිබීම සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් දැනුම්වත් වූ වහාම ශ්‍රී ලංකා රේගුවට උපදෙස් ලබා දී අදාළ භාණ්ඩ තොගය රේගුව භාරයට ගැනීමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.
එම ආයතනයේ ප්‍රධානීන් කර්මාන්ත අමාත්‍යංශයට කැඳවා ඇමැතිවරයා විසින් දෝෂාරෝපණය කර ඇති අතර අදාළ ආයතනයට අවසර ලබාදීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා උපදෙස් ලබා දී තිබේ.
අල්ට්රා රූෆින් ලංකා නමැති සමාගම ටයිල් උපාංග සහ අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ අවසර පත්‍රයක් මත මෙම ටයිල් ආනයනය කර ඇති අතර එහි වටිනාකම මිලියන 9.7 කට වැඩි ප්රමාණයකි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් වාර්තා කිරීමත් සමග ටයිල් තොගය රජය භාරයට ගැනීමට පියවර ගෙන තිබිණි.