ජනාධිපති සමාවත් කෝටි ගාණක පාගාවකට වික්කා! මං කියන්නේ බොරු නම් උසාවි පලයල්ලා! – මර්වින්….

December 25, 2020 at 3:59 pm | by emanisa.lk

ඉවෝන් ජොන්සන් නම් සිය විදෙස් පෙම්වතිය ඝාතනය කිරීම නිසා මරණ දඬුවම හිමිව සිරදඬුවම් විඳිමින් සිටි ජූඩ් ශ්‍රමන්ත ඇන්තනීට ජනාධිපති සමාව ලබා දීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අතුරලියේ රතන හිමි තරුණයාගේ මවගෙන් කෝටි ගණනක් අල්ලස් ලබා ගත් බව ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

2019 වසරේ කන්තලේ සීනි කර්මාන්ත ශාලාවේ ආයෝජන කටයුතු සඳහා පැමිණි ඉන්දීය ව්‍යාපාරිකයාගෙන් අල්ලස් ගැනීමේ සිද්ධියට හිටපු ජනාධිපතරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි.එච්.කේ. මහානාම සහ දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක පමණක් නොව මෛත්‍රීපාල සිරිසේනගේ පවුලේ අය ද සම්බන්ධ බවත් පෙර කී පුද්ගලයන් දෙදෙනා ඔවුන් පාවාදීමට කටයුතු නොකළ බවත් ඔහු අනාවරණය කරයි.

මේ සියල්ල සම්බන්ධයෙන් තමන්ට සාක්ෂි ඇති බවත් අවශ්‍ය නම් උසාවියට පැමිණෙන්නට තමා සූදානම් බවත් මර්වින් සිල්වා වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *