මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීම සම්බන්ධයෙන් තමන් දැනුවත්ව නොසිටි බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ය.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට මහජන උපයෝගිතා කොමිසම වසා දැමීමට පියවර ගන්නැයි උපදෙස් ලබා දෙමින් යොමු කරන ලද ලිපිය තමන් සමග සාකච්ඡා කර හෝ තමන් දැනුම්වත්ව යවන ලද්දල් නොවන බව ද ඔහු අවධාරණය කරයි.
“යම් නියාමනයක් අවශ්‍ය බව අපි පිළිගන්නවා. ඉදිරි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අප සාකච්ඡා කරනවා. අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආකාරයේ සංශෝධන පමණක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි ඇමැතිවරයා පවසා සිටියේ ය.
මේ අතර පසුගියදා ඇමැති බන්දුල ගුණවර්ධන කියා සිටියේ මේ රටේ ඉහළ නිලධාරීන් විසින් මහජන නියෝජිතයන් වන මැති ඇමැතිවරුන් රබර් සීල් බවට පත්කර ඇති බව ය.